IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කරදියාන කසළ කන්ද අසළින් ඉවත් කළ පවුල් 15ක් විරෝධතාවක

(ජයන්ත සමරකෝන්)
 
කරදියාන කසළ කන්ද අසළ සිට ඉවත් කළ පවුල් 15කට මාස 6ක් සඳහා ලබාදුන් කුලී මුදල් අවසන් බව කියමින් එම මුදල් ඉල්ලා පවුල්වල සාමාජිකයෝ විශාල පිරිසක් අද(04) උදෑසන සිට කසළ ව්‍යාපෘති කාර්යාලය අසළට පැමිණ උද්ඝෝෂණයකව නිරත ව සිටිති.
 
එම පවුල් ඉකුත් මැයි 5 වැනිදා එම පවුල්වලට මාස 6ක වන්දි මුදල වන රුපියල් ලක්ෂ එකහමාරක් ලබා දී තමන්ව ඉවත් කළ අතර, තමන් ඒ අවට ගම්මාන කිහිපයක පදිංචිව සිටි බවද, ඔවුහු පැවසූහ.
 
මේ වනවිට ඔවුන්ට කුලිය ගෙවීමට මුදල් නොමැති වීම නිසා එම මුදල් ඉල්ලා ව්‍යාපෘති කාර්යාලයට පැමිණ ඇතත් අද සවස් වනතෙක් ම ඊට පිළිතුරක් ලැබී නැතැයි බෝකුන්දර උතුර, පහත් බිම් කළමනාකරණ කමිටුවේ සභාපති රොනී ෆොන්සේකා මහතා පැවසීය.
 
මේ පිළිබඳව බස්නාහිර පළාත් කසළ කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂක නලින් මාන්නප්පෙරුම මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ මෙම පවුල් සඳහා වන්දි ලබාදීමට තක්සේරු දෙපාර්තමේන්තුවට දන්වා මාස 6ක් ගතව ඇතත්, මේ දක්වා එම වාර්තා නොලැබීම නිසා වන්දි ලබාදීමට නොහැකි වී ඇති බවය.
 
කෙසේවෙතත් එම වන්දි වාර්තා ලැබෙනතෙක් තවත් මාසයක කාලයක් රුපියල් 25,000බැගින් සානුකම්පිත කුලී මුදලක් හෙට(05) සිට ලබාදීමට තීරණය කර ඇතැයිද ඒ මහතා කීය.
 
මේ මොහොත වනවිටත් එම පිරිස උද්ඝෝෂණයේ නිරතව සිටිති.



අදහස් (0)

කරදියාන කසළ කන්ද අසළින් ඉවත් කළ පවුල් 15ක් විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site