IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


කුරුණෑගල දිස්ත්‍රික්කයේ තත්ත්වය භයානක බව වෛද්‍ය සංගමය කියයි

(පුෂ්පකුමාර ජයරත්න )

ලැබෙන දත්ත සහ තොරතුරු අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය පැතිරයාම භයානක තත්ත්වකට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වයඹ පළාත් සම්බන්ධීකාරක වෛද්‍ය ඉන්දික රත්නායක මහතා ප්‍රකාශ කළේය .

 කොරෝනා වෛරසය මෙරට ව්‍යාප්තිය  ආරම්භයේ සිට පසුගිය 22 වන දින තෙක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හමුවූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2 ක් වූවද ඉන්පසුව අද (26) දිනය වනවිට දින 3 ක් ඇතුළත කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 10 දෙනෙකු වාර්තා වීමෙන්ම මෙම වෛරසය කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පැතිර යන භයානක තත්ත්වය වටහාගත හැකි බව වෛද්‍ය රත්නායක මහතා පෙන්වා දුන්නේය .

  මේවනවිට හමුව ඇති අසාදිතයන් 12 දෙනාගෙන් දෙදෙනෙකු යුද හමුදා සාමාජිකයින් වන අතර අනෙක් 8 දෙනාම නාවික හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වන බව වෛද්‍ය රත්නායක මහතා පැවසීය . යුද හමුදා සාමාජිකයින් අලව්ව සහ මැල්සිරිපුර මඩහපොළ වන අතර නාවික හමුදා සාමාජිකයින් වාරියපොළ බණ්ඩාර කොස්වත්ත , කනත්තේවැව , අලව්ව , පොල්ගහවෙල පදිංචිකරුවන් බවද අද දිනයේ හඳුනාගත් තවත් ආසාදිතයෙකු මහව නාගොල්ලාගම පදිංචි නාවික සෙබළෙකු බවද අනාවරණය වූවා යැයි වෛද්‍ය ඉන්දික රත්නායක මහතා පැවසීය .

  මෙම ආසාදිතයන් මේවනවිට කුරුණෑගල දිස්ත්‍රික්කය කුළ විශාල පිරිසක් සමීපව ඇසුරු කර තිබීම බරපතල තත්ත්වය වන බව අවධාරණය කරන වෛද්‍ය රත්නායක මහතා මේ සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු අදාළ අංශ වලින් ප්‍රමාණවත් තරමට නොලැබීමද ගැටළුවක් බවත් පෙන්වා දුන්නේය .

  මීට අමතරව තවත් ආසාදිතයන් යැයි සැක කරන ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද ඒ මහතා සඳහන් කළේය .



අදහස් (4)

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තත්ත්වය භයානක බව වෛද්‍ය සංගමය කියයි

rana Sunday, 26 April 2020 05:29 AM

දැන් මක්කද කොරන්නේ ? යන්න තහනම් අපිට. බෝ කරන්නේ යන්න ඇහැකි. අයියෝ දෙවියනේ ! වැටත් නියරත් ගොයම් කා නම් අපි කාට කියම්දෝ....

:       1       3

Anura Sunday, 26 April 2020 05:40 AM

හමුදා සෙබළුන්ව මුඛ හා අත් ආවරණ පමණක් දීලා රෝගීන්ව හසුරුවන්න දානකොට ඔය දේ වේවි කියල කලින් හිතුනේ නැතිද ?

:       0       14

Isuru Sunday, 26 April 2020 08:31 AM

අපේ රට ඉක්මනට හොඳ අතට හැරේවා. ඒ වගේම ලෙඩ වෙලා ඉන්න සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා

:       0       4

Sadun gamage Tuesday, 28 April 2020 12:00 PM

ඉක්මනින් වසංගත තත්වය මග ඇරේවා! මගේ රටට බුදු සරණයි !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 265 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 404 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site