(සුමතිපාල දීයගහගේ)
කුරුනෑගල සහ මාවතගම ප්‍රදේශවලින් වාර්තාවූ බෝග වර්ග විනාශ කරන පළගැටි විශේෂය මේ වන විට දකුණු පළාතේද
ව්‍යාප්ත වෙමින් පවතින බව දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ අයි ඩී ගුණවර්ධන මහතා පවසයි.
අද (3) වන විට කිරින්ද පුහුල්වැල්ල සහ ඌරුගමුව යන ප්‍රදේශවල ස්ථාන දෙකකින් මෙම පළගැටි විශේෂය හමුවී ඇතැයිද ඒ මහතා පවසයි.
කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පර්චස් එකක පමන ප්‍රදේශයක අඩි තුනක් පමන උසැති තණ කොළ පඳුරක
මෙම පළගැටියන් දහසක් පමන සිටින බවද හෙතෙම සදහන් කළේය. ඒ අසල ඇති කෙසෙල් ගසක එක් කොලයක්ද
සම්පුර්ණයෙන්ම කා දමා ඇති බවද කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා
පැවසීය.එමෙන්ම උරුගමුව ප්‍රදේශයේ ගෙවත්තක ඇති අඩි හතරක් පමණ උස විසිතුරු ශාඛ පදුරක පළගැටියන් පන්සියයක් පමණ සිටින බවද ගුණවර්ධන මහතා කීය.ඒ අසල පිහිටි සාමාන්‍ය උසැති පොල් ගසක පොල් අත්තක කොළ ද
සම්පුර්ණයෙන්ම මෙම පළගැටියන් විසින් කා දමා ඇත.
මෙම පළගැටියන් තව දුරටත් ව්‍යාප්තවීම වැළැක්වීම සදහා රසායනික දියරක් අද(3) එම ගස්වලට ඉසීමට කෘෂිකර්ම
දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.පේරාදෙණිය කෘෂිකර්ම විද්‍යාලයේ උපදෙස් පරිදි මෙම රසායනික ද්‍රව්‍යය ඉසිනු ඇත.
එමෙන්ම දකුණු පළාතේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථානවලට දකුණු පළාතේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් අද දින කැඳවා මේ පිළිබද
දැනුවත් කරන බවද දකුණු පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා
පැවසීය.
2025 දෙසැම්බර් මස 04
152
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
365
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
’කුරුණෑගලින් හමු වූ බෝග වනසන පළගැටියා දකුණටත් ව්‍යාප්තවෙලා’
jaya Wednesday, 03 June 2020 06:53 AM
500 - 1000 හින්දා බැරිද මේ ටික අල්ල ගන්න. කොරෝනා වගේ තමයි. වැඩි උනාට පස්සේ ගොඩ ගන්නවා බොරු.