(පුෂ්පකුමාර ජයරත්න)
දිගු කාලයක සිට පවතින වියළි කාලගුණය හේතුවෙන් කුරුණෑගල නගරය ඇතුඵ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක වෙසෙන ජනතාව මේ දිනවල උග්‍ර ජල හිඟයකට මුහුණ පා සිටිති.
කුරුණෑගල නගර සභා බල ප්‍රදේශයේ වෙසෙන ජනතාව මේ දිනවල උග්‍ර පානීය ජල අර්බුදයකට මුහුණපා සිටිති.
මීට බලපාන ප්‍රධානම හේතුව වන්නේ කුරුණෑගල නගරයට ජලය සැපයෙන ප්‍රධානම ජල මූලාශ්‍රය වන දැදුරු ඔයේ ජල මට්ටම මේ වනවිට වේගයෙන් පහළ බැස තිබීම සහ තැම්පාන ජලාශය සිඳීයාම බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් ඉංජිනේරු කුසල් මනම්පේරි මහතා ප්‍රකාශ කළේය.
දැදුරුඔය ජල පොම්පාගාරය අක්‍රීය වීමත් සමගම කුරුණෑගල වැවෙන් ජලය බෙදාහැරීම සිදුකරන බවද පවසන මනම්පේරි මහතා නියඟයත් සමග කුරුණෑගල වැවේ ජලපරිමාවද අඩුවෙමින් පවතින නිසා එහි ජලයද බෙදාහැරීමට ප්‍රමාණවත් වන්නේ දින 20ක් වැනි කාලයකට බවත් සඳහන් කළේය.
මේ අතර මගුරුඔය, මාඔය සහ මීඔයේද ජලය අඩුවීම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලය මගින් පාලනය වන වාරියපොළ, ගිරිඋල්ල, පොල්ගහවෙල, නිකවැරටිය, පන්නල, අඹන්පොළ, ගල්ගමුව, මාවතගම, අලව්ව, රිදීගම ප්‍රදේශවලට බෙදාහැරෙන ජලය සීමා කිරීමට සිදුව ඇති බවද මනම්පේරි මහතා පැවසීය.
මේ නිසා කුරුණෑගල සහ ආශ්‍රිත ප්‍රදේශවල ඇතිවන ජල හිඟයට විසඳුමක් ලෙස විශාල වියදමක් දරා ආරම්භ කරන ලද කුරුණෑගල විසල් ජල සම්පාදන ක්‍රමයෙන් කිසිදු පලක්වී නැතැයිද ජනතාව චෝදනා කරති.
2025 නොවැම්බර් මස 17
61
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
898
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2525
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කුරුණෑගලට උග්‍ර ජල හිඟයක්