(නාඋල - ඉන්දික අරුණ කුමාර)
නාඋල ප්‍රදේශයට ඊයේ රාත්‍රි (19) හමාගිය සුළං තත්ත්වය හමුවේ නාඋල - පෙනලබොඩ වැව් බැම්මේ පිහිටි වසර 200 ක් පමණ පැරණි විශාල කුඹුක් ගසක් කඩාවැටී ඇතැයි ගොවිහු කියා සිටිති.
ගස පෙරලීයාමත් සමග වැව් බැම්මේද ඉරිතැලීම් දක්නට ලැබෙන බව ඔවුහු කියා සිටිති.
ගසා කඩාවැටිමත් සමග වැව් බැම්ම හරහා ගමනාගමනයද ඇණහිට තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් නාඋල ප්‍රාදේශිය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න මහත්මියගෙන් කළ විමසීමක දී කියා සිටියේ ගස ඉවත්කිරිම සදහා දැව සංස්ථාව දැනුවත් කර ඇති බවයි.
එමෙන්ම ගස වැටීම හේතුවෙන් වැවි බැම්මට හානියක් සිදුව ඇත්නම් ඊට අවශ්‍ය පියවර ගන්නා බව ද ඇය කියා සිටියාය.
මේ අතර පැවති දැඩි සුළං තත්ත්වය හමුවේ නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ වගා බිමි රැසකට ද හානි සිදුව තිබේ.
නාඋල - කණුමුලයාය ප්‍රදේශයේ අක්කර 4 ක පමණ භුමියක වගාකර ඇති කෙසෙල් වගාවකටද මේ හේතුවෙන් බරපතල හානි සිදුව ඇති බව ගොවිහු කියා සිටිති.
අස්වනු නෙළිමට ආසන්න මෙම කෙසෙල් කැන් සිය ගණනක් විනාශ වී ඇති අතර කෙසෙල් ගස් ද බිම වැටි හානි වී තිබෙනු දක්නට ලැබිණි







2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කුඹුක් ගසක් සුළඟට පෙරලී වැව් බැම්මට හානි