IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කම්කරු කොංග්‍රස් සභිකයෝ බ්‍රහ්ම නැකතට දිවුරුම් දෙති

 

(  රංජිත් රාජපක්‍ෂ )


ලංකා කම්කරු කොංග‍්‍රසය හා  කුකුළා ලාංජනය යටතේ තවත් ප‍්‍රධාන පක්ෂ කිහිපයකින් තරඟ කළ නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පළාත් පාලන ආයතන දොළහකට  හා දිවයිනේ තවත් දිස්ති‍්‍රක්ක කිහිපයකටම පළාත් පාලන ආයතන වලට තරඟ  කර ජය ගත් හා ප‍්‍රසාද ලැයිස්තුවෙන් නමි කරන ලද සභිකයෝ  136 අද (26) දිවුරුම්  දුන්හ.

හැටන් කොටගල - මුත්තු මාරියමිමන් සංස්කෘතික ශාලාවේදී  හින්දු ආගමික වතාවත් වලින් අනතුරුව ලංකා කම්කරු කොංග‍්‍රසයේ සභාපති හා මහ ලේකම්  ආරුමුගන් තොන්ඩමන් මහතා ඉදිරියේ  බ‍්‍රහ්ම නැකතට  දිවුරුම් දීම සිදු කළහ.

මෙහිදි අදහස් දැක්වු ලංකා කමිකරු කොංග‍්‍රසයේ සභාපති හා මහ ලේකමි අරුමුගන් තොන්ඩමන් මහතා කියා සිටියේ ලංකා කමිකරු කොංග‍්‍රසයේ ඉතිහාසයේ ‘බ‍්‍රහ්ම නැකතකට‘ දිවුරුමි දුන් පළවැනි අවස්ථාව මෙය බවයි.

 මෙසේ දිවුරුමි දෙන මන්ති‍්‍රවරුන් ප‍්‍රදේශයේ ජනතාවගේ සේවාවන් උපරිම අයුරින් ඉටුකරන බවට තමන්ට විශ්වාසයක් ඇති බවද තොන්ඩමන් මහතා කිය.

මෙම දිවුරුම්  දිමේ  අවස්ථාවට ලංකා කම්කරු කොංග‍්‍රසයේ ජ්‍යෙෂ්ඨ  නායකයින් හා එම සභිකයින්ගේ පවුලේ සාමාජිකයන් විශාල පිරිසක් පැමිණ සිටියහ.



අදහස් (0)

කම්කරු කොංග්‍රස් සභිකයෝ බ්‍රහ්ම නැකතට දිවුරුම් දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site