(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේ වැව් බැම්මක් පාමුල තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කරන ලද පුද්ගලයකුගේ මළ සිරුරක් සොයා ගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
මලයාලපුරම් පුදුඅයියන් කුලම් වැව් බැම්ම පාමුල මළ සිරුරක් දැක ඒ බව අසල්වැසියකු විසින් කිලිනොච්චිය පොලීසියට දැනුම් දී ඇති අතර පසුව කිලිනොච්චිය පොලීසිය ස්ථානයට ගොස් මළ සිරුර සොයාගෙන ඇත.
මෙසේ සොයාගත් මළ සිරුර ඝාතනයක් බවට හෙළි වී ඇති අතර මිය ගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුරේ ස්ථාන කිහිපයකට තියුණු ආයුධ වලින් පහරදී ඝාතනය කර ඇති බවට පොලීසිය සිදුකළ පරික්ෂණ වලදි අනාවරණය වී තිබේ.
මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ කිලිනොච්චිය මලයාලපුරම් ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි මුනියාණ්ඩි විග්නේශ්වරන් නැමති තිදරු පියෙකි.
මියගිය පුද්ගලයාගේ සිරුර කිලිනොච්චිය රෝහලේ තැන්පත් කර ඇත.
ඝාතනය කරන ලද පිරිස් කව්රුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නොමැති අතර පෞද්ගලික ආරවුලක් මත මෙම ඝාතනය වී ඇති බවට පොලිසිය සැක පළ කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කිලිනොච්චිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
746
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කපා කොටා ඝාතනය කළ සිරුරක් කිලිනොච්චියෙන් හමුවෙයි