
(නිශාන්ත කුමාර)
කපමින් තිබූ සියඹලා ගසකට යටවීමෙන් අද (08) අවුරුදු 11 ක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
සිද්ධීයෙන් මියගොස් ඇත්තේ මීගහකිවුල කෙසෙල් වත්ත ගම්මානයේ පදිංචි චමිත් උදය කුමාර නැමැති දරුවෙකි.
යාබද ඉඩමක සියඹලා ගසක් කපද්දී එය කපන ලෙස බලා සිටියදී ගසට යටවීමෙන් දරුවා මියගිය බව දරුවාගේ මව පැවැසුවාය.
සිද්ධීයෙන් බරපතල තුවාල ලැබූ දරුවා මීගහකිවුල රෝහලට ඇතුළත් කළ අතර ඒ වනවිටත් දරුවා මිය ගොස් තිබූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd