(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච්. එම්. ධර්මපාල)
යතුරුපැදි වලින් ගොස් මහමග ගමන්ගන්නා කාන්තාවන්ගේ රන් මාල, ජංගම දුරකථන, අත්බෑග් කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක කණ්ඩායමක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි.
සැකකරුවන් කොල්ලකන ලද ජංගම දුරකථන7ක්, අත්බෑගයක් සහ කොල්ලකෑමට යොදාගත් යතුරුපැදි තුනක් ද පොලිසිය භාරයට ගෙන ඇත.
කාන්තාවන් 40දෙනෙකු පමණ නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන කිහිපයකට කළ පැමිණිලිවලට අනුව මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
(ඡායාරූප - බිමල් ශ්‍යාමන්)


(ඡායාරූප - එච්. එම්.ධර්මපාල)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd