කවීතා සුබසිංහ
ගෙවල් බිඳ දේපල සොරා ගැනීම් රැසකට මෙන්ම දුම්රියේ හා මාර්ගවල ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැදී රන් මාල කොල්ලකෑමෙන් අපරාධ නවයකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු රාගම වල්පොල දී අත්අඩංගුවට ගත් බව රාගම පොලිසිය කියයි.
වල්පොල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24, 28 හා 37 යන වයස්වල පසුවන තිදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 28 වැනි දා උදෑසන 24 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන අති අතර පසුව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගත් තොරතුරු මත සෙරකම් වලට සම්බන්ධ අනෙක් සැකකරුවන් දෙදෙනා එදින සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සොරා ගත් රන් භාණ්‌ඩ රාගම, කදාන, වත්තල, ජා ඇල හා කිරිබත්ගොඩ යන ප්‍රදේශවල උකස් මධ්‍යස්ථානය වලට උකස් කර තිබියදී සොයා ගෙන තිබේ.
සැකකරුවන් වත්තල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
21
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කැඩු තිදෙනෙක් අත්අඩංගුවට