( දියතලාව - ඩී.කේ.රත්න )
මඩොල්සිම වැරැල්ලපතන ප්‍රදේශයේ ප්‍රපාතයක් අසල දර කැඩීමට ගිය කාන්තාවක් අද (4) හවස අඩි තුන්සියයක පමණ ප්‍රපාතයකට වැටීමෙන් එම ස්ථානයේදීම මිය ගොස් ඇතයි මඩොල්සිම පොලීසිය පවසයි.
මඩොල්සිම වැරැල්ලපතන වතුයායේ පදිංචි එස්.අංගම්මා නැමති හැත්තෑනව හැවිරිදි කාන්තාවක් මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.
මෙම කාන්තාව තවත් කුඩා ළමුන් දෙදෙනෙකු සමග දර කැඩීමට ගොස් ප්‍රපාතයක් අසල පිහිටි ගසක දර අත්තක් ඇදීමට යාමේදී මෙම ප්‍රපාතයට පෙරළී තිබේ. කාන්තාව ප්‍රපාතයට පෙරලීමෙන් පසු කුඩා ළමුන් දෙදෙනා තම නිවෙස්වලට පැමිණ මේ පිළබදව වැඩිහිටියන්ට පැවසීමෙන් පසු වැඩිහිටියන් පැමිණ අඩි තුන්සියයක පමණ ප්‍රපාතයට වැටී සිටි මෙම කාන්තාව සොයා ගෙන ඇත.
මියගිය කාන්තාවගේ මල සිරුර ගසක රැදී ඇතයි පොලීසිය කියයි. බදුල්ල පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් පරිදි මඩොල්සිම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නසිරි බංඩාර මහතාගේ අධීක්ෂණය යටතේ මඩොල්සිම පොලීසියේ නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කාන්තාවක ප්‍රපාතයකින් වැටී මරුට