(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෞද්ගලික ආරවුලක් මුල්කරගනිමින් වාද්දුව මැලෑගම ප්‍රදේශයේ කාන්තාවකට සවලකින් පහරදුන් බව කියන පානදුර උතුර පොලිසියේ සැරයන්වරයකු අද(31) අත්අඩංගුවට ගත් බව වාද්දුව පොලිසිය කියයි.
සැරයන්වරයා සහ එම කාන්තාව අතර කලක සිට ආරවුලක් තිබී ඇති බවත්, එම කාන්තාව ඔහුට බැණ වදිමින් ඔහුගේ නිවස අසළට පැමිණි බවත්, සැරයන්වරයාගේ බිරිඳ සහ එම කාන්තාව අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති බවත්, ඔහු අත තිබූ සවලෙන් කාන්තාවගේ හිසට සහ උරහිසට පහරදී ඇති බවත් පොලිසිය කියයි.
තුවාල ලැබූ කාන්තාව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාවද, ඇය පහරදුන් බව පවසමින් සැරයන්වරයාගේ බිරිඳ ද පානදුර මූලික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිසිය කියයි.
පහරදීමට යොදාගත් සවලද පොලිසිය භාරයට ගෙන ඇත.
සැකකාර සැරයන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
44
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
713
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කාන්තාවකට සවලකින් පහරදුන් සැරයන්වරයෙක් අත්අඩංගුවට