(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම කොලමැදිරිය වෙන්දේසිවත්ත ප්‍රදේශයේ නිවසක හුදකලාව සිටි වියපත් අවිවාහක කාන්තාවක් නිවස තුළ සැකකටයුතු අන්දමින් මිය ගොස් සිටියදී අද(11) අලුයම සොයාගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ කේ. ඩී. මානෙල් කුරුප්පු නැමැති 65 හැවිරිදි කාන්තාවකි.
අසල්වැසි නිවැසියෙකුට දුගඳක් දැනී ඒ බව ඇගේ ඥාතියෙකුට පවසා එම නිවසට ගොස් සොයා බැලීමේදී මෙම කාන්තාවගේ මළ සිරුර සොයා ගෙන ඇත.
වියපත් කාන්තාව පදිංචි නිවසේ සියලු දොරගුලු හැර දමා විදුලි පහන් දල්වා තිබූ බව ද පොලිස් නිලධාරියෙක් පැවසීය.
මීට දින තුනකට පමණ පෙර මෙම කාන්තාව මිය යන්නට ඇතැයි සැකකරන බව ද පොලිස් නිලධාරියා පැවසීය.
බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd