(ක.ගකරුණාරත්න)
පොලොන්නරුව,කදුරුවෙල නගරයේ පිහිටි වෙළෙඳ සංකීර්ණ ගොඩනැගිල්ලක අද (04) පස්වරුවේ ගින්නක් හටගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
ඒ ගොඩනැඟිල්ලේ තුන්වන මහලේ මෙම ගින්න හටගෙන තිබේ.
ගින්න ඇතිවීමට හේතුව නිශ්චිත වශයෙන්ම අනාවරණයවී නොමැති බවත් බොහෝ දුරට විදුලිය කාන්දුවීමක් නිසා සිදු වන්නට ඇතැයි සැක කරන බව පොලිසිය සඳහන් කරයි.
පොලොන්නරුව මහ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය සහ පොලීසිය එක්ව ගින්න නිවාදමා තිබේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd