(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 නත්තල් දිනය නිමිත්තෙන් කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ කතෝලික දේවස්ථාන සඳහා මුල්‍යමය ආධාර පිරිනැමීම නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන්  කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රී ශ්‍රවනාගාරයේදී අද (20) පැවැත්විණි.

කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපති කරු ජයසුරිය මහතාගේ සංකල්පයක් අනුව මෙම මුල්‍යමය ආධාර පිරිනැමීම ආරම්භ කර තිබෙන අතර එය වාර්ෂිකව සිදු කෙරේ.

සෑම ආගමක් නියෝජනය කෙරෙන ප්‍රධාන උත්සවයන්ට සමගාමිව කොළඹ නාගරික බල ප්‍රදේශයේ පිහිටි ආගමික ස්ථාන වෙනුවෙන් මෙසේ ආධාර පිරිනැමේ.

කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථාන 20 ක් සඳහා රුපියල් 50,000 බැගින් මුල්‍යමය ආධාර මෙවර පිරිනැමිණ.