( එම්.කේ. නන්දසේන)
කතරගම ජල සම්පාදන මණ්ඩලය මගින් ‘ගම්උදාව ‘ ටැංකි වෙත පානීය ජලය සපයනු ලබන අඟල් 8 ප්‍රමාණයේ නළයකින් විශාල ජල කාන්දුවක් ඇතිවී වසරකට වැඩි කාලයක් දෙටගමුව වැවට ගලායෑම හේතුවෙන් ගම්මාන රැසකට ප්‍රමාණවත්ව පානීය නළ ජලය නොලැබෙන බව ප්‍රදේශවාසීහු පවසති.
කතරගම ජල පිරිපහදු මධ්‍යස්ථානයේ සිට රජ මාවත මාර්ගය ඔස්සේ ගම් උදාව ජල ටැංකිය වෙත හා කාවන්තිස්සපුර ජල ටැංකිය වෙත මෙම නල මාර්ගය මගින් ජලය ගෙන යනු ලබයි.
එම ජල ටැංකි මගින් ගම්උදාව ,දෙටගමුව පළමු දෙවන හා තෙවන පියවර ,ලුණුගම්වෙහෙර මාර්ගය ,දක්වාත් ,කාවන් තිස්සපුර ජල ටැංකියෙන් බෝගහ පැලැස්ස ,සාමි ගුලිය, ජුල්පල්ලම, රණ්මිනිතැන්න, ඇතුළු තවත් ගම්මාන රැසකටත් පාණිය නලජලය සපයනු ලැබේ. එය එසේ වුවද කතරගම දෙටගමුව වැවට ජලය ගෙන එනු ලබන ඇළ මාර්ගයට අදාල නළ මාර්ගයෙන් කාන්දු වන ජලයද එක්වී ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
ජලය නොලැබීම නිසා කෝපයට පත් ජනතාව පසුගිය වසරේ ‘තිස්ස කතරගම ප්‍රධාන මාර්ගය හරස් කොට උද්ඝෝෂණ කීපයක්ද පැවැත්වූහ
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා කතරගම ජල ජලසම්පාදන මන්ඩලයේ ස්ථාන භාර නිලධාරී වරයා දුරකථනයට සම්බන්ධ කර ගැනීමට කිහිප වතාවක් ම උත්සාහ දැරුවද ඔහු ප්‍රතිචාර නොදැක්වීය .

2025 දෙසැම්බර් මස 04
54
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
347
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
363
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කතරගම ගම් උදාවට පානීය ජලය නොමැති වීමෙන් ගැටළු රැසක්