IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කුඩු අල්ලන්න ගිය කොස්තාපල්වරුට පහර දී රෝහලේ


 
 
මොහොමඩ් බුහාර්ඩින්

 
ගලේවෙල නිවසක කුඩු අලෙවි කරමින් සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය ගලේවෙල පොලිස් නිලධාරි කණ්ඩායමකට මත්කුඩු ජාවාරම්කරු හා පිරිසක් කළ පහර දීමෙන් පොලිස් කොස්තාපල් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ගලේවෙල හා දඹුල්ල මුලික රෝහලවලට ඇතුළත් කර ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.


ඊයේ (30) රාත්‍රීයේ ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප‍්‍රනාන්දු මහතාට ලැබුණු තොරතුරකට අනුව දුෂණ මර්දන අංශයේ නිලධාරින් පිරිසක් විසින් මෙම වැටලීම සිදුකර ඇත.


සැකකරු අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ විටදී සැකකරු හා තවත් පිරිසක් එක්වී පොලිස් නිලධාරින්ට පොලූ මුගුරු වලින් පහරදී පලා ගොස් තිබේ.


තුවාල ලැබු ගලේවෙල පොලිසියේ කොස්තාපල්වරු  දෙදෙනා ගලේවෙල දිසා රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා එක් කොස්තාපල්වරයකු දඹුල්ල මුලික රෝහලට මාර කර යැවු බව රෝහල් ආරංචි මාර්ග පවසයි.


සැකකරුවන් අද (31) දඹුල්ල මහේස‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

කුඩු අල්ලන්න ගිය කොස්තාපල්වරුට පහර දී රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 765 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site