(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න)
කඩුවෙල නගරසභාවේ වල්ගම උප කාර්යාලයේ සේප්පුවෙන් රුපියල් 480,000 මුදලක් සොරාගත් පුද්ගල කණ්ඩායමේ ප්‍රධාන සැකකරු අද(03) අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි.
සැකකරු කඩුවෙල පදිංචි 32 හැවිරිදි කසළ ට්‍රැක්ටර් රථ පදවන්නෙකු බව හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
සොරාගත් මුදලින් රුපියල් 9,000ක් හා එම මුදල් වියදම් කළ බව සනාථ වන බිල්පත් කිහිපයක් පොලිසිය බාරයට ගෙන ඇත.
පසුගිය 28 වැනිදා එහි මුදල් අයකැමිවරිය සේප්පුව විවෘත කර පරීක්ෂා කිරීමේදී මුදල සොරාගෙන ඇති බව දැක ඒ බව පොලිසියට දන්වා ඇත.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පුද්ගලයන් සිව්දෙනෙකු මෙයට සහභාගී වී ඇතැයි අනාවරණය වූ බවද පොලිසිය කීය.
සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
107
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කඩුවෙල නගරසභාවේ සේප්පුව කැඩූ සොරා අසුවෙයි
Mahee Sunday, 03 February 2019 08:26 PM
කට්ටියක් සේප්පුව ඇතුලෙන්, තව කට්ටියක් සේප්පුවට පිටින්.