IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කොටි සංවිධානයට අයත් නිල ඇඳුම් මුලතිව් ගෙවත්තකින් හමුවෙයි

( සිතුම් චතුරංග)
මුලතිව්, මුලිල්වයික්කාල් බටහිර ප්‍රදේශයේ  ගෙවත්තක දමා තිබූ එල්.ටි.ටි.ඊ සංවිධානයේ නිල ඇඳුම් කිහිපයක් හා එම සංවිධානයේ ධජයක් සොයාගත් බව මුලතිව් පොලිසිය කියයි.
 
නිවසෙහි හිමිකරු විසින් වගා කටයුත්තක් සඳහා භූමිය සකස් කරමින් තිබියදී  ඊයේ ( 16) වැනිදා  පොළව අභ්‍යන්තරයේ සඟවා තිබූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිලඇඳුම් හා ධජ සහිත පාර්සලයක් හමුවී තිබේ. අනතුරුව පොලීසියට කළ දැනුම් දීමකින් පසු  ස්ථානය පරීක්ෂා කළ පොලීසිය ඒවා සොයාගෙන තිබේ.
 
සොයාගත් නිල ඇඳුම් අතර එල්.ටී.ටී.ඊ කාන්තා බලකායේ කැමා නිල ඇඳුම් දෙකක්,  පිරිමි කැමා ඇඳුම් දෙකක්, එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලාංජන සහිත කැමා තොප්පි දෙකක්, බඳ පටි කිහිපයක් හා එම සංවිධානයේ විශාල ධජ  දෙකක්ද සොයාගත්බව පොලිසිය පැවසීය.
 
පොලිසිය පැවසූයේ පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලා යන ත්‍රස්තවාදීන් නැවත භාවිත කිරීමේ අරමුණින් අදාළ කැමා ඇඳුම් හා ධජ මෙලෙස සඟවා තබන්නට ඇති බවට සැක පලකරන බවයි.
 
හමුවූ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල ඇඳුම් හා ධජ සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවද පොලිසිය පැවසීය.

මුලතිව් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (0)

කොටි සංවිධානයට අයත් නිල ඇඳුම් මුලතිව් ගෙවත්තකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 749 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site