(සිරංගිකා ලොකුකරවිට)
ගාල්ල කොටුවේ නෙප්වූන් අට්ටාලය අසල කොටු බැම්මේ ගිලා බැස තිබූ ස්ථානය පිළිසකර කිරීම අද (04) ආරම්භ කෙරිණි.
ලෝක බැංකු ආධාර යටතේ කොටුව සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් මේ දිනවල ක්‍රියාත්මක වන අතර එම ව්‍යාපෘතිය යටතේම මෙම පිලිසකර කිරීම ආරම්භ කළ බව ගාලු උරුමය පදනම පවසයි.
කොටුවේ භූගත පල්දෝරු පද්ධතියේ අබලන්ව තිබූ කොටසක් කඩා වැටීම හේතුවෙන් බැම්ම ගිලා බැසීම සිදුවූ බව ඔවුහු වැඩිදුරටත් පවසති.
පසුගිය දිනවල ඇතිවූ අධික වර්ෂාව නිසා ගිලා බැසීම වේගවත් වී ඇතැයි ද සඳහන් වේ. ඕලන්ද යුගයේ ඉදිකරන ලද මෙම පල්දෝරු පද්ධතිය අබලන් වීම හේතුවෙන් කොටුව ප්‍රදීපාගාරය අසල ස්ථාන දෙකක ද මෙවැනි ගිලා බැසීම් පසුගිය කාලයේ සිදුවිය.
පල්දෝරු පද්ධතිය මුහුදට විවර වන මෙවැනි ස්ථාන 14 ක් කොටුව වටා පිහිටා ඇත.


COMMENTS
2500 වසරක අපේ උරුමයන් රකින්න නම් මේ තරම් ඉක්මනක් නැහැ ඒවා බොහොමයක් විනාශ කරගෙන යනවා. බලන්න එක්කෙනෙක් නැහැ.