IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කටුපොල් වගාව නතර කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

(රොහාන් කුමාර දිසානායක)

ගලිගමුව අටාල වතුයායේ මේ දිනවල වගාකෙරෙන කටුපොල් වගාව නතර කරන්නැයි ඉල්ලා අද (13) ගලිගමුව ප්‍රාදේශීය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු ඇතුළු ගම්වැසියෝ එක්ව ගලිගමුව අවිස්සාවේල්ල මාර්ගයේ උද්ඝෝෂණයක නිරතවූහ.

කෑගල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටුව මගින් තහනම් කර ඇති බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා කැබිනට් මණ්ඩලයට කටුපොල් වගාව නතර කරන ලෙස ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කර තහනම් අනුමැතියක් ලබා තිබුණ ද එය නොතකා කැගල්ල දිස්ත්‍රික්කයේ වතු සමාගම් කටයුතු කරමින් සිටින බව උද්ඝෝෂකයෝ පවසති.

මේ හේතුවෙන් පැයක පමණ කාලයක් ගලිගමුව අවිස්සාවේල්ල මාර්ගයේ වාහන තදබදයක් ද පැවති අතර පිංදෙනිය පොලිස් ස්ථානාධිපතිවරයා පැමිණ වතු අධිකාරිවරයා සමඟ සාකච්ඡා කර විසදුමක් ලබාදෙන බව පැවසීමෙන් පසුව උද්ඝෝෂණය කළ පිරිස විසිර ගියහ.
 



අදහස් (0)

කටුපොල් වගාව නතර කරන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site