කොට්ටාව හයිලෙවල් මාර්ගය අසල ජංගම දුරකථන අලවි මධ්‍යස්ථානයකට ඇතුළු වී ලක්ෂ පහකට  ආසන්න භාණ්ඩ හා මුදල් සොරා ගත් බව පොලිසිය කියයි.

ඉදිරිපස තහඩු දොර අලවංගුවක ආධාරයෙන් කඩා ඇතුළු වී  විදුරුව ද බිඳ ඇති බවත් ජංගම දුරකථන, චාජර්, බැටරි හා රුපියල් පනස් දහසක මුදලක් සොරා ගෙන ඇති බවත් පොලිසිය පවසයි.