IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


කොට්ටාවේ ආහාර අලෙවිසැල් 6 කට නඩු

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න) 


මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කොට්ටාව නගරයේ දී (22) රාත්‍රී, සිදුකළ හදිසි ආහාර වැටලීමකදී ,සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර , මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ ස්ථාන තිහක් වටලා ,ඉන් ස්ථාන අටකට රතු නිවේදන නිකුත් කර අලෙවිසැල්  හයකට එරෙහිව  අධිකරණයේ නඩු පැවරූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි .

මෙහිදී කොට්ටාව නගරයේ ආපන ශාලා ,හෝටල්,සිල්ලර වෙළඳසැල්, ෆාමසි,පළතුරු කඩ ,ජංගම අලෙවි කුටි ,ඇතුළු ස්ථාන 27 ක්  පරීක්ෂාවට ලක් කළ බව පැවසේ .

එහිදී නිෂ්පාදිත දිනය, කල් ඉකුත් වන දිනය, ලේබල්,නොමැති ආහාර වර්ග ගබඩා කර තැබීම ,පිසු ආහාර හා වියළි  ආහාර එකම ශීතකරණයක  ගබඩා කර තැබීම ,දින ගණනක් පොල්තෙල් බහලු එකම භාජනයකින් ආහාර නිෂ්පාදනය කිරීම ,අවිධිමත්  ආහාර ගබඩා පවත්වාගෙන යාම ඇතුළු වැරදි ගණනාවක් අනාවරණය වූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි .

ඒ අනුව  සෞඛ්‍ය ආරක්ෂිත බවින් තොර මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු   රුපියල් 65000 වටිනා කුකුල් මස් කිලෝ 120 , කොත්තු රොටි සෑදීමට භාවිතා කරන රොටී කිලෝ 20 ක්, උම්බලකඩ සම්බෝල සහිත බෝතල් 15 ක් , සෝස් බෝතල් 12 ක්, ඇතුළු භාණ්ඩ රැසක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බාරයට ගෙන විනාශ කිරීමට පියවර ගත් බව පවසයි.

එසේම පදික වේදිකාවේ ජංගම කුටි තුළ කඩල අලෙවියත් සමග ඉමිටේෂන් රන්භාණ්ඩ අලෙවි කරන ස්ථානයක් ද හමුවූ බව කියයි.

පසුව  පරීක්ෂාවට ලක් කළ ස්ථාන අටකට රතු නිවේදන නිකුත් කර අලෙවිසල් 6 කට එරෙහිව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නඩු පැවරීමට පියවර ගත් බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසයි .

කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම හා බෝ වන  රෝග පාලනයෙන් ඉවත්ව වෘත්තිය ක්‍රියා මාර්ගයකට පැමිණ සිටියදී මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් මෙම වැටලීම සිදු කිරීම විශේෂත්වයක් විය.

මෙම වැටලීම මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රිසින් මාරසිංහ මහත්මියගේ උපදෙස් මත, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක විජේසිරි මහතාගේ මෙහෙයවීමෙන්,කොට්ටාව මහජන සෞඛ්‍ය පරීක්ෂක තිලකරත්න, තුසිත ශ්‍රී රාම්,එස්.ඩී.කාන්ත් මහතා ඇතුළුව ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.



අදහස් (2)

කොට්ටාවේ ආහාර අලෙවිසැල් 6 කට නඩු

දිමුත් Thursday, 23 July 2020 08:07 AM

ඉතා හොඳයි.

:       0       5

Kmal Koyrala Thursday, 23 July 2020 10:54 AM

මෙවැනි කටයුතු දිගටම කල යුතුයි යහපත් මහජන සෞඛ්‍ය සඳහා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 64 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 901 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2526 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site