IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කටුගස්තොට වෙළඳ ආයතනයක නම විකුණා තවත් වෙළඳ ආයතනයකින් මුදල් වංචා කරලා

 
 
(මොහොමඩ් ආසික්)
 
කටුගස්තොට නගරයේ ප්‍රධාන පෙළේ වෙළඳ ආයතනයක නම භාවිතා කර තවත් වෙළඳ ආයතනයකින් රුපියල් 41,000 ක  මුදලක්  වංචා කළ පුද්ගලයෙක්  අද (20)  අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
 
කටුගස්තොට නගරයේ ප්‍රධාන පෙළේ ආයතනයකට දුරකථන ඇමතුමක් ලබා දුන් පුද්ගලයෙක් ප්‍රකාශ කර ඇත්තේ තමන් කටුගස්තොට නගරයේම තවත්   ප්‍රධාන පෙළේ වෙළඳ ආයතනයකින් කතා කරන බවත් හදිසි අවශ්‍යතාවයක් සඳහා රුපියල් විසි දහසක මුදලක් අවශ්‍ය වී ඇති බැවින් තම සේවකයෙක් එවන බවත් ඔහු අත එම මුදල ලබා දෙන ලෙසත් ඉල්ලා තිබේ. 
 
තමන්ට ඇමතුම දුන් පුද්ගලයා සඳහන් කළ වෙළඳ ආයතනය නගරයේ ඉතා විශ්වාසවන්ත ආයතනයක් බැවින් දෙවරක් නොසිතූ මෙම ආයතනය අදාළ  මුදල් ලබා දීමට එකඟ වී තිබේග ඒ අනුව එම වෙළඳ ආයතනයට ගිය පුද්ගලයා රුපියල් 20ල000 ක මුදලක් රැගෙන ගොස් තිබේ.

 සහෝදර වෙළඳ ආයතනයක් ලබා ගත් මෙම මුදල් ඉතා ඉක්මනින් ලබා දෙනු ඇතැයි සිතූ මෙම ආයතනය ඒ ගැන වැඩියෙන් හිතන්නට ගියේ නැතග එලෙසම ඊට දිනකට පසුවද වෙළඳ සැල අමතා ඇති මෙම පුද්ගලයා රුපියල් 20,000 ක  මුදලක් ලබා දීම ගැන ස්තුති කර ඇති අතර තවමත් තමන්ට මුදල් ලබා ගත නොහැකි වූයෙන් අද දවසෙත් රුපියල් 21,000 ක මුදලක් ලබා දෙන්  ලෙස ඉල්ලා තිබේ. 
 
එම මුදලද ලබා දුන් නමුත් කිසිදු ප්‍රතිචාරයක් නොවූයෙන් මේ සම්බන්ධයෙන් අදාළ වෙළඳ සැල විමසා තිබේග නමුත්  එම වෙළඳ ආයතනයෙන් දැන ගන්නට ලැබී ඇත්තේ තමන් එවැනි කිසිදු ඇමතුමක් ලබා නොදුන් බවත් කිසිදු මුදලක් ඉල්ලා නොසිටි  බවත්යග 
 
මේ අනුව  මෙම  සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසියට පැමිණිල්ලක් කරනු ලැබු  අතර මුදල් ලබා ගන්නට පැමිණි පුද්ගලයාගේ හැඩරුව අනුව පරීක්ෂණ පැවැත්වූ පොලීසිය අදාළ සැකකරු අත් අඩංගුවට ගනු ලැබ තිබේග 
 



අදහස් (0)

කටුගස්තොට වෙළඳ ආයතනයක නම විකුණා තවත් වෙළඳ ආයතනයකින් මුදල් වංචා කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site