(මොහොමඩ් ආසික්)
කටුගස්තොට-කුරුණෑගල මාර්ගයේ අලදෙණිය නගරයට ආසන්නව මාර්ගය අයිනේ බරපතල තුවාල සහිතව මිය ගොස් සිටි නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් කටුගස්තොට පොලීසියේ නිලධාරීන් විසින් සොයා ගනු ලැබ තිබේ.
පොලිසියට ලැබුණු තොරතුරක් අනුව මෙම මෘත ශරීරය සොයා ගෙන ඇත.
එම මෘත ශරීරයේ හිස පෙදෙසේ බරපතල තුවාල දක්නට ලැබෙන බව පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇති පුද්ගලයා 50 – 55 ත් අතර වයසක පසුවන්නෙකුගේ පෙනුමැති අයෙකු බවත් නිල් පැහැති කොට කලිසමක් හැඳ සිට ඇති බවත් පොලීසිය කියයි.
මෘත ශරීරය මේ වන විට මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
මෙම මරණය රිය අනතුරකින් වූ මරණයක්ද නැතහොත් ඝාතනයක්ද එසේත් නැත්නම් වෙනත් අනතුරක්ද යන්න පිළිබඳව පොලීසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම පුද්ගලයා හඳුනන අය වෙත්නම් කටුගස්තොට පොලිසියට ඉදිරිපත් වන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd