IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කුච්චවේලි සභාපති මුස්ලිම් කොංග්‍රසයෙන්

අමදෝරු අමරජීව
 
කුච්චවේලි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාගැනිමේ ජන්ද විමසිමේදි   හිටපු සභාපති   ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රී   අයිනිය පිල්ලේ මුබාරක් මහතා  වැඩි ඡන්ද ලබාගෙන සභාපතිවරයා ලෙස තේරී පත් විය.

 
බහුතර බලයක් නොතිබිම නිසා   (09)  පලාත් පාළන කොමසාරිස් එම්.වයි.සලිම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ඡන්ද විමසිම සිදු විය. අයිනිය පිල්ලේ මුබාරක් මහතා සමග සභාපති තනතුර සඳහා  සමස්ථ ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින්  අබ්දුල් රෙහෙමන් පාතිමා රෝසානා මහත්මිය තරග වැදුණු අතර  එක්සත් ජාතික පක්ෂයෙන්  නාගූර් පිච්චෙයි අබ්දුල්ලා මහතා තරග වැදුණි.  
 
උප සභාපති ධුරය සඳහා  එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අබ්දුල් සහබ්දින් මොහොම්මදු  සාජිත් මහතා හා ඉලංගෙයි  තමිල් අරසු කච්චි නියෝජනය කරමින්  ජෙගදීසන් නිමලහසන් මහතා තරග වැදුනි. එහිදි එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයා ඡන්ද අටක් ලබාගෙන උප සභාපති ලෙස තේරී පත් විය.



අදහස් (0)

කුච්චවේලි සභාපති මුස්ලිම් කොංග්‍රසයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 150 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site