IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


කොකේන් ගිලදැමු බ්‍රසීල ජාතික කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

(ටී.කේ.ජී.කපිල )
 
කොකේන් ගුලි ලෙස සකස්කර ගිලදමා  ලංකාවට පැමිණ සිටි බ්‍රසීල ජාතික කාන්තාවක්  කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
 
අද (29 )  උදෑසන 9.00 පමණ  මෙම කාන්තාව ගිල දමා තිබූ කොකේන් 40 ක් පමණ එළියට ගැනීමට මීගමුව දිස්ත්‍රික් මහ රෝහල් වෛද්‍යවරුන් සමත් වී තිබුණි .
 
 මෙම කාන්තාව බ්‍රසීලයේ සිට කටාර් රාජ්‍යය වෙත පැමිණ , එතැන් සිට  දෝහා සිට පැමිණි  කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 664 දරණ ගුවන් යානයෙන්  ඊයේ (28) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
 

ඇය පිළිබඳව ඇති වූ සැකය මත ඇය ස්කෑන් පරීක්ෂණයකට ලක්  කිරීමේ දී , ඇයගේ ආමාශයේ මෙම කොකේන් ගුලි තොගය ඇති බවට අනාවරණය වීමෙන් පසු , රේගු නිලධාරීන් විසින් ඇය අත් අඩංගුවට ගෙන වහාම මීගමුව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ .
 
එහිදී එම රෝහල් වෛද්‍යවරුන් විසින් විරේක බෙහෙත් ලබා දෙමින් , මෙම ගුලි තොගය එළියට ගැනීමේ ප්‍රයත්නය ආරම්භ කර තිබුණි .
 
 
 
 



අදහස් (0)

කොකේන් ගිලදැමු බ්‍රසීල ජාතික කාන්තාවක් කටුනායකදී අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 91 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 930 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site