(සිතුම් චතුරංග)
වවුනියාව, ඕමන්ත පැරණි හමුදා මාර්ග බාධකය අසළ ඉඩමක තිබී බිම් බෝම්බ 8ක් අද(16) සොයාගත් බව ඕමන්ත පොලිසිය පවසයි.
ප‍්‍රදේශවාසියකු වගාකටයුත්තක් සඳහා ඉඩම පවිත‍්‍ර කිරීමේදී බිම්බෝම්බ හමුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.
බිම්බෝම්බ හමුවූ ප‍්‍රදේශය කොටි ත‍්‍රස්තවාදීන්ගේ බලප‍්‍රදේශයක් ලෙස පැවති අතර ආරක්ෂක හමුදා ඉලක්ක කර පහරදීම සඳහා මෙම බිම්බෝම්බ රැගෙනඑන්නට ඇති බව පොලිසිය සැක පළකරයි.
අදාළ ස්ථානයේ තිබී හමුවූ බිම්බෝම්බ කිහිපයක් දිරාගොස් තිබූ බවද පොලිසිය පවසයි.
සොයාගත් බිම්බෝම්බ වවුනියාව මහේස්ත‍්‍රාත් අධිකරණ නියෝග යටතේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් නිෂ්ක‍්‍රීය කිරීමට නියමිතය.
මෙම ඉඩම තුළ තවදුරටත් පුපුරණ ද්‍රව්‍ය පවතීද යන්න සොයා විමර්ශන කරන බව පොලිසිය කියයි.


2025 දෙසැම්බර් මස 18
308
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕමන්තේ ඉඩමකින් බිම් බෝම්බ 8ක් සොයාගනී