(කේෂර ගුණතිලක)
ඔක්කම්පිටිය පොලිස් වසමේ බෝගස් හංදිය අසල පාර අයිනේ තිබී තරුණයකුගේ මළ සිරුරක් අද (25) අලුයම සොයා ගත් බව පොලිසිය පවසයි.
මියගිය තරුණයා ඔක්කම්පිටිය පහළගම පදිංචි ආර්.ඇම් දිලේන්ද්‍ර මධුශාන් (21) නැමති තරුණයෙකි.
මියගිය තරුණයා (24) වැනිදා රාත්‍රී 9.30 ට පමණ මිතුරෙකු හමුවීමට යන බව පවසා නිවසෙන් පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඔහු නැවත නිවසට නොපැමිණීමෙන් ඒ පිළිබඳව සොයා බැලීමේදී බෝගස් හංදිය අසළ පාර අයිනේ තිබී මළසිරුර හමුවී ඇත.
තරුණයාගේ මරණය පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (25) වැල්ලවාය මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් ඔක්කම්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd