IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඓතිහාසික කිරිඅම්මා උල්පත සංරක්ෂණයට පියවර

(ඉන්දික අරුණ කුමාර)
 
පරිසර හානියට ලක්වෙමින් පවතින, මාතලේ - ලග්ගල ඓතිහාසික කිරිඅම්මා උල්පත සංරක්ෂණය සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව ලග්ගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලේකම් පියල් ජයසූරිය මහතා කියා සිටියේය.
 
සියවස් ගණනාවක සිට  විවිධ චාරිත්‍ර ඉටුකිරීම සඳහා භාවිත කළ මෙම දුර්ලභ ජල උල්පත වසර පුරා බුබුලු දමමින් පවතී. පත්තිනි මෑණියන්ගේ ආරක්ෂාව පවතින බවට විශ්වාස කරන බොහෝ පිරිසක් මෙම ස්ථානයට පැමිණෙති.
 
නව ලග්ගල නගරය නිර්මාණය වීමත් සමඟ මෙය නැරඹීමට පැමිණෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව වැඩිවී තිබේ. එසේ පැමිණෙන පුද්ගලයන් කිරිඅම්මා උල්පත ආශ්‍රිත පරිසර පද්ධතිය විනාශ වන ලෙස හැසිරෙන බවද ඒ මහතා කියයි.
 
ඔවුන් ඉවතලන අපද්‍රව්‍ය උල්පත ආශ්‍රිතව දමා යෑම, කිරි ඉතිරිම සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය වල අමතර කොටස් පරිසරයට මුදා හැරීම ආදී කටයුතු හේතුවෙන් කිරිඅම්මා උල්පත විනාශවීමේ අවදානමක පවතින බව පරිසර සංවිධාන රැසක් අනතුරු අඟවා තිබිණි.
 
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, මහා සංඝරත්නය, පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකගේ මැදිහත්වීම යටතේ කිරිඅම්මා උල්පත සංරක්ෂණය සඳහා අවශ්‍ය පියවර ගන්නා බව ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා රාජ්‍ය නොවන සංවිධාන සමඟ පැවති ප්‍රගති සමාලෝචනයකදී කියාසිටියේය.

 

 



අදහස් (0)

ඓතිහාසික කිරිඅම්මා උල්පත සංරක්ෂණයට පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site