IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා ආණ්ඩුකාර ධූරයේ වැඩ අරඹයි

(අමදෝරු අමරජිව)

පළාත් සභාවට වෙන්වී ඇති බලතල උපයෝගි කරගෙන නැගෙනහිර ජනතාවට උපරිම සේවාවක් කරන බව නැගෙනහිර නව ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා මහතා අද (07) ත්‍රිකුණාමලය ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් පැවැසීය.

සර්ව ආගමික් වතාවත් වලින් අනතුරුව සිය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාර ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා මහතා මෙසේද පැවැසීය.

    ‘‘1987 වසරේ පැවති මුල්ම උතුරු නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසද මා ක්‍රියා කළා.

උතුරු නැගෙනහිර වෙන් කිරීමෙන් පසු නැගෙනහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසත් පළාත් අමාත්‍යවරයෙකු ලෙසත් කටයුතු කළා. පළාත් සභා ක්‍රමය පිළිබඳව සෙසු අයට වඩා මට අත්දැකිම් තියෙනවා.ඉදිරියේදී සියලු ජන වර්ගවලට ජාති භේදයකින් තොරව සේවය කිරීමටත් බලාපොරොත්තු වෙනවා. යැයි ඒ මහත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට සහභාගි වූ නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් කේ.පි.අරුණ ජයසේරකර,22 සේනාංකාධිපති මේජර් ජනරාල්  නෙවිල් වීරසිංහ යන මහත්වරු ආණ්ඩුකාරවරයා වෙත සමරු තිලිණ ප්‍රදානය කිරීමක්ද සිදුකළේය.

මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් අසංක අබේවර්ධන,පළාත් අමාත්‍යාංශ ලේකම්වරු ඇතුලු ආයතන ප්‍රධානීන් රැසක් සහභාගි වූහ.



අදහස් (0)

ඒ.එම්.ඒ.එල්.හිස්බුල්ලා ආණ්ඩුකාර ධූරයේ වැඩ අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 398 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 558 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site