(එස්. ඩි. කොඩිකාර සහ එන්. කේ. ඉන්ද්‍රවංශ)
පෙම්වතියගේ අක්කාගේ ඒ.ටී.එම්. කාඩ්පතින් රුපියල් ලක්ෂ දොළහකට අධික ප්‍රමාණයක් විටින් විට සොරා ගත් පුද්ගලයෙකු අද (31) අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය පැවසීය.
එම සිද්ධිය යට ගසන ලෙස අකුරැස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් ලක්ෂ පහමාරක අල්ලසක් ලබා දුන් සැකකරුගේ පියා ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාම අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
ඒ.ටී.එම්. කාඩ්පත හිමි තැනැත්තිය ගිණුමේ ශේෂය පරීක්ෂා කිරීමේදී එහි ශේෂය අඩු වී ඇති බව දැනගෙන ඒ පිළිබඳව සහෝදරියටද දන්වා අකුරැස්ස පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd