(රොමේෂ් මධුෂංඛ)
ලංගම බස් රථ ධාවනයේදී සිදු වන අසාධාරණකම් හේතුවෙන් ඒකාබද්ධ කාලසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා අද (19) උතුරු පලාතේ සියලුම පෞද්ගලික බස් රථ හිමියන් සිය ධාවන කටයුතු වලින් ඉවත්ව වැඩවර්ජනයක නිරත වූහ.
උතුරු පළාතෙන් පෞද්ගලික බස් රථ 250 කට ආසන්න ප්‍රමාණයක් ධාවනය වන අතර අද දින මෙසේ පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීම හේතුවෙන් මගී ජනතාව දැඩි අසීරුතාවන්ට පත්වූහ.
බස් ධාවනයෙන් ඉවත් වූ උතුරු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් පෙන්වා දෙන්නේ උතුරු පළාතේ පිහිටි ලංගම බස් ඩිපෝ මගින් ඉතා අවධිමත්ව කාලසටහනකින් තොරව බස් ධාවනය කිරීම හේතුවෙන් පෞද්ගලික බස් රථ ධාවනයට දැඩි සේ අසාධාරණකම් සිදුවන බවටත් පෞද්ගලික බස් රථ ධාවනය කාලසටහනකට සිදු වුවද ලංගම බස් අවධිමත්ව ධාවනය වීම හේතුවෙන් මෙම ගැටලුව උද්ගතව තිබෙන බවටත්ය.
එමෙන්ම ලංගම බස් ධාවනයේදී දුර ගමන්සේවා බස් රථ විශෙෂයෙන්ම යාපනයේ සිට ධාවනය වස බස් රථ වව්නියාව බස් නැවතුම්පලේදී දිගු වේලාවක් නවතා එහි සිටින මගීන්ද රැගෙන යාම මිගන් වව්නියාව බස් නැවතුම්පලේ සිට දුර ගමන් සේවා අරඹන බස් රථවලට දැඩි අසාධාරණයක් වන බවටද පෙන්වා දෙයි.
මේ හේතුව නිසාවෙන් යාපනයේ සිට ධාවනය වන බස් රථ වව්නියාව බස් නැවතුම්පලේ නොනවතා වෙනත් ස්ථානයක නැවත්වීඹට පියවර ගත යතු බවටද පෞද්ගලික බස් රථ හිමියන් පෙන්වා දෙයි.
පසුගිය 17 වැනිදාද යාපනය සිට අක්කරෙයිපත්තු දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් වව්නියාව බස්නැවතුම්පලේදී නවතා මගීන් නංවා ගැනීමත් සමග පෞද්ගලික බස් රථ හිමියන්ගේ පහරදීමක් හේතුවෙන් දැඩි උණුසුම් තත්වයක් හටගෙන ලංගම බස් රථද ධාවනයෙන් ඉවත්ව පහරදුන් පිරිස් අත්අඩංගුවට ගැනීමක්ද සිදු වූ හෙයින් එවැනි ගැටලු සිදු නොවීමට බලධාරීන් කටයුතු කරන ලෙසටද පෞද්ගලික බස්රථ හිමියන් ඉල්ලා සිටිති.
උතුරු පළාතේ ලංගම සහ පෞද්ගලික බස් ධාවනයට විධිමත් ඒකාබස්ධ කාලසටහනක් ඉදිරිපත් කරන බවට බලධාරීන් මීට පෙර අවස්ථා කිහිපයකදීම පොරොන්දු වුවද මෙතෙක එම පොරොන්දුව ඉටු නොවීම හේතුවෙන් මෙම ගැටලුව දිනෙන් දින වැඩි වන හෙයින් ඉතා ඉක්මනින් මෙම ගැටලුවට විසඳුම් ලබාදෙන ලෙසට වැඩවර්ජනයේ නිරත පෞද්ගලික බස් සංගම් විසින් වැඩි දුරටත් ඉල්ලා සිටිති.


2025 නොවැම්බර් මස 21
125
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
206
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1069
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඒකාබද්ධ කාලසටහනක් ඉල්ලා උතුරේ පෞද්ගලික බස් වර්ජනයක්
Bamunuarachchi Wednesday, 19 September 2018 01:57 PM
අනික් පලාත්වල තිබෙන ලංගම බසුත් මේ පැත්තට දාලා මේ වර්ජනය කඩාකප්පල් කරන්න