IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එළ වැස්සියන් ඝාතනය කරවිකිණීමේ ජාවාරමක්

(විජේරත්න රත්නායක)

මස් පිණිස ඝාතනය කිරීම තහනම් වූ එළ වැස්සියන් හොර රහසේ ඝාතනය කර විකිණීමේ ජාවාරමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අද (20) හාලිඇල ගව ඝාතකාගාරයේදී බදුල්ල පොලිස් කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය අංශය මඟින් අත් අඩංගුවට ගනු ලැබීය.

මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අදාළ නිළධාරීන් විසින් කළ වැටලීමේදී මස් පිණිස ඝාතනය කිරීමට සූදානම් කර තිබූ එළ වැස්සියක් පොලිස් බාරයට ගෙන ඇති අතර ඊයේ (19) ඝාතනය කරන ලදැයි කියන ගැබිණි එළදෙනකගේ කුස තුළ තිබූ කළලයක්ද මස්මඩුව අසළ වළදමා තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත.

මෙම ජාවාරම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ නුවරඑළිය පාර අඹවක හාලිඇල පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක් සහ පූනාගල පාර බණ්ඩාරවෙල පදිංචි 45 හැවිරිදි අයෙකි.

බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී.ඒ.පී.එන්.රණසිංහ මහතා ඇතුළු නිළධාරීන් විසින් අදාළ වැටලීම සිදුකර සැකකරුවන් හාලිඇල පොලීසිය වෙත භාරදී තිබේ.

හාලිඇල පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (0)

එළ වැස්සියන් ඝාතනය කරවිකිණීමේ ජාවාරමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31315 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13522 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11000 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 114 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 938 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site