IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


එස්.ටී.එෆ් අණදෙන නිලධාරීවරයා වැඩ බාරගනී

(ඉන්දිකා රාමනායක)

විශේෂ කාර්ය බලකායේ 12 වැනි අණදෙන නිලධාරිවරයා වශයෙන් නියෝජ්‍ය පොලිස්පති   ලයනල් ගුණතිලක මහතා අද  (10) සිය ධුරයේ වැඩ බාර ගත්තේය.
 
විශේෂ කාර්ය බලකා මුලස්ථානයේ   අද  පෙරවරුවේ පැවති   චාම් උත්සවයකින් අනතුරුව ආගමික වතාවත් මැද නව අනදෙණ නිලධාරිවරයා  සිය ධුරයේ වැඩ බාරගත්තේය. 
 
සර්ව ආගමිත වතාවත් මැද සුබ ලයනල් ගුණතිලක මහතා සුබ මොහොතින් ඒ මහතා සිය ධුරයේ වැඩ බාරගත් අවස්ථාව ඡායාරූපයෙන් දැක්වේ.
 
1985 ජනවාරි මස 20 දින   උප පොලිස් පරීක්ෂකවරයකු වශයෙන්  පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇති  ලයනල් ගුණතිලක මහතා 1986 මාර්තු මස 20 දින  7 වැනි බ`දවා  ගැනීම  පාඨමාලාව යටතේ   විශේෂ කාර්ය බලකායට  බැදී ඇත.
 
 වසර 10 ට කාලයක් පුරා විශේෂ කාර්ය බලකා තුළ විශේෂ මෙහෙවර  ඉටුකළ ඒ මහතා  පසුව  විශේෂ කාර්ය බලකායෙන්  ඉවත්ව 1995 වසරේ දී   ප‍්‍රධන  පොලිස් පරීක්ෂකවරයකු ලෙසට  උසස්වීමෙන් පසුව විශේෂ කාර්ය බලකායට සමුදී සාමන්‍ය පොලිස් සේවයට එක්ව   තිබිණි.
 
 සහකාර  පොලිස් අධිකාරි,   පොලිස්  අධිකාරි,  හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  වශයෙන් පොලිසියේ නොයෙක් තනතුරු  හෙඹවු ඒ මහතා කොළඹ උතුර  කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු  කරන අතරතුර 2019 වසරේ අප්‍රෙල් මස 6 වැනි දින සිට  යළිත් විශේෂ කාර්ය බලකායට කැදවා  මේ දක්වා එහි නියෝජ්‍ය අනදෙන නිලධාරී වශයෙන් කටයුතු කරමින් සිටියේය.
 
නියෝජ්‍ය පොලිස්පති  ලයනල් ගුණතිලක මහතා දක්ෂ බොක්ෂින් කී‍්‍රඩකයකු වු අතර 1983 වසරේ සිට  පොලිස් බොක්ෂින් කණ්ඩායම නියෝජනය කරමින්  පොලිසිය වෙත  ජයග‍්‍රහණ රැසක්  අත්කර දීමට සමත් වුහ.
 


 
 
 
 
 



අදහස් (1)

එස්.ටී.එෆ් අණදෙන නිලධාරීවරයා වැඩ බාරගනී

upul Monday, 10 February 2020 04:06 PM

මහත්මා ගතිගුන ඇති දක්ෂ නිළධාරියෙක්. උණුසුම් සුභ පැතුම්.!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 229 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 282 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1201 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site