(කාංචන කුමාර ආරියදාස)
එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් කොළඹට පැමිණෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීමට නොව පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමේ සටනට බව මධ්‍යම පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා අද (29) දඹුල්ලේ දී පැවසීය.
ඒ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි.
එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයා විය යුත්තේ ටයිකෝට් අඳින පුද්ගලයකු නොව සරම අඳින ලේකම්වරයකු බවද ඔහු කීවේය.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයාව සිටිය දී ජනපති කරවීමට පූර්ණ සහයෝගය තම ආසනය ලබාදුන් බවත් එහෙත් බලයට පත්ව වසර තුන හමාරක් ගත වෙද්දීත් ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන් සහ පාක්ෂිකයන් එක්සත් ජාතික පක්ෂ නායකත්වය නොසළකා හැරි බව ද හෙතෙම සඳහන් කළේය.
කිසිදු රැකියාවක් ලබාදීමට හෝ පොදු වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පක්ෂයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා තමන් ද පාක්ෂිකයන් ද දැඩි කලකිරීමෙන් සිටි බව ඔහු සඳහන් කළේය.
COMMENTS
මේ කතාව සත්‍යය නමුත් මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍ර වාදය ආරක්ෂා කල යුතුය
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආපහු ලබා ගත යුතු වෙලාවක කියවන්නේ නැතුව ඉන්නවද? නැත්නම් අපහු ඉස්කෝලේ ගිහින් එන්න.
සරමෙන් හෝ අඳින ඇඳුමින් මිනිසුන් මැනීම ඉතා පටු දෙයක්. මේ ප්‍රකාශයේ හරයක් නෑ. අදහස විය යුත්තේ ගමේ දුප්පත් මිනිහව අඳුනන සංවේදී පුද්ගලයකුගේ අවශ්‍යතාවය වේ
ආණ්ඩුවක් පත් වුනාම සුදුසුකම් බලන්නේ නැතුව පාක්ෂිකයන්ට රැකියා දීපු නිසා තමයි රාජ්‍ය සේවය අන්තිමටම පිරිහිලා තියෙන්නේ. පහුගිය දවස් වල රුපවාහිනිය, ඛනිජ තෙල් සංස්ථාවේ සිද්දි ඇතිවුනේ මේ දේවල් නිසා තමයි.
වෙනස සැපයි............
මේ අවස්ථාවේ මොහු මොනවාද කියන්නේ.
ලංකාවේ සමහරක් මිනිස්සු හිතන විදිහ සහ ඒ මිනිස්සුන් ගේ මානසිකත්වයත් එක්ක බැලුවහම මේ කතාවේ අත්තක් තියෙනවා. මොනවා කරන්නද? අධ්‍යාපන සහ අවබෝධ කරගත හැකි මට්ටමේ තරම තමයි......