(සිතුම් චතුරංග)
යාපනය - නුවර ඒ 9 මාර්ගයේ අලිමංකඩ පාලම අසලදී අනතුරට පත්ව තිබූ බස්රථයක අද (12) යතුරු පැදිකරුවකු ගැටී මියගොස් ඇතැයි කිලිනොච්චිය පොලිසිය පවසයි.
කොළඹ සිට යාපනය බලා ධාවනය වු සුඛෝපභොගී බස් රථයේ එහි රියදුරුට අලිමංකඩ පාලමේ ගැටී අනතුර සිදුව තිබු අතර එම බස්රථය කිලිනොච්චිය රථවාහන නිලධාරීන් විසින් ඉවත් කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් යතුරුපැදිකරු බස්රථයේ ගැටී මියගොස් ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය විය.
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ යාපානය ,පේදුරුතුඩුව පදිංචි ක‍්‍රිශ්ණරාසා අන්නලිංගම් නැමති 65 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරති.



COMMENTS
අනතුරට පත් බසය ඉවත්කරන තෙක් මාර්ගය ඉදිරියේ අනතුරක් ඇති බව දැක්වෙන සංඥාවක් (රතු එළියක් වැනි දෙයක්) තැබීම රියදුරුගේ හෝ පොලිසියේ වගකීමයි. මම එවැනි සංඥා ලංකාවේ වාහන ලස්සන කිරීමට සවි කර තිබෙනවා දැක ඇති නමුත් අනතුරක් හැඟවීමට පාවිච්චි කරනවා දැක නැහැ.
මහා රෑද බයික් එක හැප්පුනේ? නැත්නම් මහා දවල් ඔය වගේ ලොකු බස් එකක් පාරේ යන බයික් එකකට නොපෙනෙන්න විදියක් නැහැනේ.
මෙතන පාලම බස් එකට පෙනිල නැහැ බස් එක යතුරුපැදිකරුට පෙනිලා නැහැ .නමුත් මෙවැනි අනතුරු සිදු නොවෙන්නේ වර්ණ තීරු සවි කරන්න වෙනවා
A -9 පාර නවීකරණය කළාට පස්සේ සිදූ වූ අනතුරු වැඩි වෙලා.පාර හැදුනට වාහන ධාවනයේදී විනයක් අවශ්‍යයයි. මේවා හදාගත යුතු දේවල්. අධික වේගය මරණයට අත වැනීමක්. අනතුරෙන් පස්සේ බස් එක අයින් කලානම් ජීවිතයක් බේරෙනවා .