(කේ. ආර්. රාජමන්ත‍්‍රී)
ඌව පරණගම, පුහුලුපොළ, කොටවෙර අවට ගම්වාසීහු වැලිමඩ - බදුල්ල මාර්ගයේ පුහුල්පොළ උමාඔය ජලාශයේ පාලම අසළදී අද(11) විරෝධතාවක නිරතවූහ.
වැලිමඩ - බදුල්ල මාර්ගයේ පුහුල්පොළ උමාඔය ජලාශයේ වේල්ල මත ඉදිකර ඇති මාර්ගයෙන් ගමන්කිරීමට හැඳුනුම්පතක් භාවිතකරන්නැයිද, රාත්‍රී 10.00 සිට උදෑසන 5.00 දක්වා කාලය තුළදී ගැමියන්ට ගමන් නොකරන්නැයිද මහවැලි අධිකාරිය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් ඔවුහු උද්ඝෝෂණයේ යෙදුණහ.
පාලමෙන් ගමන්කිරීමට සීමා පැනවීම ඉතා අසාධාරණ බවත්, පිට පළාත්වල සේවය කරන දරුවන් නිවසට පැමිණෙන්නේ රාත්‍රියේදී බවත්, මැදියම් රැයේ රෝගියකු රෝහලට රැගෙන යාමට නොහැකි බවත්, සිය මූලික අයිතිවාසිකම් කඩවීමක් බවත් ඔවුහු කියති.
මෙම අවස්ථාවට සහභාගී වූ මහවැලි ඉඩම්(උමාඔය) නිලධාරී සමීර පීරිස් මහතා පැවසුවේ පෙර පරිදිම බාධාවකින් තොරව ගැමියන්ට මාර්ගය භාවිතයට අවසර ඇති බවය. එසේම කොටවෙර ගම්මානයට පිවිසෙන මාර්ගය සකසා ආරක්ෂිත වැටක් සවිකර දෙන බවට ඔහු ලබාදුන් පොරොන්දුව මත ගැමියෝ විරෝධතාව අවසන් කළහ.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.