සුමතිපාල දීයගහගේ
ඌරන්ට අටවා තිබූ විදුලි රැහැනක් පෑගීමෙන් පිටුවල හතරෙ කණුව ප්‍රදේශයේදී දෙදරු පියෙකු අද (18) මිය ගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.
මෙසේ මිය ගොස් ඇත්තේ පිටුවල පදිංචිව විසි පස් හැවිරිදි පුද්ගලයෙකි. මොහු අද ගවයින් බැදීමට අසල ඇති කුඹුරු යායකට ගිය අවස්ථාවේ ඌරන්ට අටවා තිබූ විදුලි රැහැනක කකුල පැටලීමෙන් විදුලිසැර වැදි මිය ගොස් ඇති බව මුලික පොලිස් පරික්ෂණවලදී අනාවරනයවී ඇත.
ඇල්පිටිය පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.