(දයාරත්න ඇඹෝගම)
කලුන්දැගම මරණාධාර සමිතියක නිලධාරිනියකගේ නිවසේ වහලයේ උළු ගලවා නිවසට ඇතුළුවී 130,000 ක් අද (11) සොරා ගෙන ගොස් ඇතැයි තඹුත්තේගම පොලිසිය කියයි.
කලුන්දැගම, ගම්මාන 02 ප්‍රදේශයේ පදිංචි ශාන්ති දිසානායක (46) නැමති කාන්තාවක විසින් මෙම පැමිණිල්ල තඹුත්තේගම පොලිසියට කර ඇත.
තම සැමියාගේ මවගේ අවමගුලට සහභාගිවීම සඳහා නිවසේ දොර ජනෙල් වසා දමා පසුගිය 10 වැනිදා හොරොව්පොතානට ගොස් නිවසට පැමිණ බලද්දී නිවසේ කාමරවල බඩු මුට්ටු පෙරළා ඇති බව දක්නට ලැබුණ බවත් පසුව කළ සොදිසියේ දී අල්මාරියේ තිබු මරණාධාර සමිතිවලට අයත් මුදල් කිසිවෙකු විසින් සොරා ගෙන ගොස් ඇති බවත් පැමිණිලලේ සඳහන් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd