(නවරත්න සමරතුංග)
අම්පාර අධ්‍යාපන කලාපයට අයත් උහන ගලපිටගල මහාවිද්‍යාල පරිශ‍්‍රයට අද (6) කඩා වැදුණු වල් අලි රංචුවක් ආරක්ෂිත යකඩ වැට කඩා දමා තිබේ.
රුපියල් ලක්ෂ 26ක ප‍්‍රතිපාදන මගින් ආරක්ෂිත යකඩ වැට ඉදිකර කර තිබිණි.
මේ දිනවල එම ප‍්‍රදේශයේ ගොවීන් වී අස්වැන්න නෙලමින් ඒවා අලෙවි කිරීමට පෙර අව්වේ වේලා ගැනීම සඳහා මෙම පාසල් ඉඩම තෝරාගෙන තිබිණි.
එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් වන මෙම ගොවීන් තම වී අස්වැන්න ආරක්ෂා කර ගැනීමට මෙසේ වී තොග පාසල් ඉඩමට ගෙනැවිත් ඇත.
වෙල් යාය හරහා පැමිණි අලි රංචුවක් කුඹුරුවල අස්වැන්න නොමැති බැවින් මෙසේ පාසල් ඉඩමට පැමිණ ඇති බව ගොවීහු කියති.
මෙහි ගොඩගසා තිබුණ වී ගෝනි 20 ක් පමණ වල් අලින් ගිල දමා තමන්ට බරපතල අලාභයක් කර ඇති බවද ඔවුහු පවසති.
මේ පිළිබඳව උහන ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලය වෙත දැනුම්දී ඇති බවද විදුහල්පතිවරයා කීය.


2025 දෙසැම්බර් මස 04
60
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
348
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
364
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උහන පාසලකට වල් අලි කඩා වදිති