(සනත් ගමගේ)
හුංගම උස්සන්ගොඩ කැළයට ගිය තරුණියක් ඇතුළු තරුණයින් සිව් දෙනෙක් එක් තරුණයකුගේ රන් ආභරණ සියල්ලම හා තවත් තරුණයකුගේ ජංගම දුරකථනය කොල්ලකා පලා ගොස් ඇති බවට හුංගම පොලිසියට පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.
ජංගම දුරකථනය කොල්ලකෑම රඟපෑමක් ලෙස සිදු කර නැවත එය අදාළ තරුණයාටම ලබා දී ඇති බවත් පවුම් හතරකට වැඩි රන් ආභරණ පැළඳ සිටි වැටිය ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන තරුණයාගේ සියළු රන් ආභරණ කොල්ලකෑම සඳහා සංවිධානත්මකව තරුණිය සමඟ මෙම කණ්ඩායම යහළුවන් ලෙස උසන්ගොඩ කැළයට පැමිණ ඇති බව සිද්ධිය සම්බන්දව ඒකාබද්ධ පරීක්ෂණයක් කළ බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය හා හුංගම පොලීසිය කියයි.
වැටිය ප්‍රදේශයේ තරුණයා පොලිසියට කළ පැමිණිල්ලට අනුව පරීක්ෂණ පැවැත් වූ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිළධාරීහු සෙසු තරුණයින් තිදෙනා සහ තරුණිය අත්අඩංගුවට ගැනිමට හැකි වී ඇති අතර වැඩිදුර පරීක්ෂණ පොලීසිය පවත්වයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.