IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උමාඔය නඩුවේ තීන්දුව කල් යයි

(විජේරත්න රත්නායක )

උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් අගතියට පත් ජනතාවට සහන ඉල්ලා උමාඔය බහු කාර්ය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ විසින් ඌව පළාත්බද මහාධිකරණයේ පවරන ලද නඩුවේ තීන්දුව අප්‍රේල් මස 30 වැනි දින ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

    මහාධිකරණ විනිසුරු තුසිත දේශප්‍රිය ගුණසේකර මහතා ඉදිරියේ අද (03) විභාගයට ගැණුනු එම නඩුව අවසානයේදී මෙම තීරණය දෙනු ලැබීය.

උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් සිදුවූ නිවාස, දේපළ හා වගා හානි තුළින් අගතියට පත් ජනතාවට ප්‍රමාණවත් ලෙස හා කාර්යක්ෂම ලෙස අවශ්‍ය සහන ලබානොදීම පිළිබඳව විරෝධය පළකරමින් එම ජනතාවට කඩිනමින් හා සාධාරණ ලෙස සහන ලබාදෙන ලෙස ඉල්ලා මහවැලි හා පරිසර අමාත්‍යාංශයේ ලේකම්, උමාඔය ව්‍යාපෘති අධ්‍යක්ෂ, උමාඔය සහන ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සහ ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ යන අය වග උත්තරකරුවන් කරමින් උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, එම පෙරමුණේ ලේකම් වසන්ත සංජීව සෝමසිරි, එහි සම සභාපති එච්.ඒ.බෝධිපාල යන අය විසින් ඌව පළාත්බද මහාධිකරණයේ අදාළ නඩුව පවරා ඇත.

එම නඩුව අද (03) යළි කැඳවූ අවස්ථාවේ පැමිණිළිකාර පාර්ශ්වයෙන් සමන්ත විද්‍යාරත්න සහ වසන්ත සංජීව සෝමසිරි යන අය ඉදිරිපත් වූ අතර පැමිණිළිකාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ විජය නිරංජන් පෙරේරා, නීතීඥ යසන්තා රාජපක්ෂ සහ නීතීඥ ඕෂධී පෙරේරා යන මහත්ම මහත්මීහු කරුණු දැක්වූහ.

වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් රජයේ නීතීඥ අවින්ද්‍රා ද සිල්වා මහත්මිය කරුණු දැක්වූවාය.

 

 

 

 



අදහස් (0)

උමාඔය නඩුවේ තීන්දුව කල් යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 90 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 942 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site