IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


උප තැපැල් ස්ථානාධිපතිට පහර දුන් අය සොයා පොලිස් පරීක්ෂණ

( චන්ද්‍රසේන ගමගේ)
 
කටුවන දංගලකන්දේ ආබාධිත පුද්ගලයෙකුට ආධාර ලබා  දීමට ගිය කටුවන රුක්මල් පිටිය උපතැපැල් ස්ථානාධිපතිට පහර දුන් පුද්ගලයින් තිදෙනා සොයා පොලිස් පරීක්ෂණ  ආරම්භ   ඇති බව කටුවන පොලීසිය පවසයි.
 
උපතැපැල් ස්ථානාධිපති ආර්.ඒ.ඒ.පතිරණ මහතාට ඊයේ(06) සවස 03 ට පමණ ආධාර ලබා දීමට ගිය නිවස ඉදිරිපිටදී පහර දුන් බවට පොලිස් පැමිණිල්ලේ සදහන් වන බව පවසන කටුවන පොලීසිය පහරදුන් අය සොයා පොලිස් කන්ඩායම් 02ක් යොදවා ඇතැයිද පවසයි.සැකකරුවන් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලීසිය කියයි.
 
පහර කෑමට ලක්වු උප තැපැල් ස්ථානාධිපතිවරයා අද (07) පෙරවරුවේදී කටුවන  රෝහලට පැමිණ  නේවාසිකව ප්‍රථිකාර ලබා ගනිමින් සිටිති.
 
පහර කෑමට ලක්වූ උල තැපැල් ස්ථානාධිපති ආර්.ඒ.ඒ. පතිරණ  මහතා සිද්ධිය මෙසේ විස්තර කළේය. මම ඊයේ (06) සවස 03 ට පමණ ආබාධිත ආධාර ලබා දීම සදහා සිද්ධිය වූ ස්ථානයේ ආසන්නයේ ඇති නිවසට යන්න යතුරු පැදිය නැවැත්වූවා.

ඒ අතර තුර තුන් දෙනෙක්  පැමිණ යතුරු පැදිය පාර අවහිර වෙන්න නවතා ඇති බව පවසා මට බැන වැදුණා . මම පැවසුවා මගේ යතුරු පැදියෙන් කාටවත් අවහිරයක් වෙලා නෑ. මම රාජකාරියකට ඇවිදින් තියෙන්නේ කියලා.

ඒ සමගම එක් අයෙක් මට පහර දුන්නා. පොලු වලින් මට ගැහුවා. ගමේ අය මාව බේරගන්න උත්සාහ කළා.

පසුව මට අද උදේ   වෙද්දි අමාරු  වුණා .ඒ නිසා මම රෝහලට පැමිණියා යැයි ඔහු පැවසීය.
 



අදහස් (0)

උප තැපැල් ස්ථානාධිපතිට පහර දුන් අය සොයා පොලිස් පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 108 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site