(එෆ්.අස්ලම්)
උතුරු පළාතේ වැව් 15ක් ප්‍රතිසංස්කරණය කරමින් කෘෂිකර්මාන්තය දියුණු කිරීමට උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ සභාපතීත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී තීරණය කර තිබේ.
මේ අනුව පළාතේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි එක් දිස්ත්‍රික්කයකින් වැව් 3 ක් වශයෙන් වැව් 15 ක් ප්‍රතිසංස්කරණය කෙරේ.
පළමු අදියර සඳහා රුපියල් මිලියන 11.65 ක මුදලක් ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කරවීම සහ පුනරුත්ථාපනය, උතුරු පළාත් සංවර්ධන හා තරුණ කටයුතු අමාත්‍යාංශය විසින් වෙන් කර ඇත.
ප්‍රතිසංස්කරණයේදී වැව් ගැඹුරු කර පුළුල් කරනු ඇති අතර, පසුව ඒවා ගොවීන්ට භාර දෙනු ඇත.
මෙම සාකච්ඡාව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති අතර ආණ්ඩුකාරවරයාගේ ලේකම්, මුලතිව් දිස්ත්‍රික්කයේ රජයේ නියෝජිත, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් සහකාර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්, කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම්වරු, අදාළ රජයේ නිලධාරීහු සහ දිස්ත්‍රික්ක පහක ගොවි සංගම් නියෝජිතවරු ඊට සහභාගී වූහ.

2025 නොවැම්බර් මස 04
372
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2166
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1643
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරේ වැව් 15ක් ප්‍රතිසංස්කරණයට පියවර