(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාතේ මන්ත්‍රිවරයකු ඉතිහාසයේ ප්‍රථම වතාවට ගුරුවරු බඳවා ගැනිමට එරෙහිව තමන්ටත් පළාත් සභාවටත් විරුද්ධව නඩු පවරා ඇතැයි උතුරු මැද ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පවසයි.
රුපියල් ලක්ෂ 50ක වියදමින් ඉදි කළ ගල්කිරියාගම විදුහලේ පරිපාලන ගොඩනැගිල්ල පාසලට පැවරිමේ උත්සවයට අද (07) සහභාගි වෙමින් ඒ මහතා මේ බව කීය.
“උතුරු මැද පළාතේ ගුරු හිඟයට පිළියම් වශයෙන් ගුරුවරු බදවා ගන්න හදනකොට පළාතේම මන්ත්‍රිවරයෙක් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමන්ගේ දරුවන්ට උගන්වන්න ගුරුවරු බඳවා ගැනිමට එරෙහිව මටත් පළාත් සභාවටත් විරැද්ධව නඩු පවරලා
මෙතෙක් කාලයක් තිබුණේ පක්ෂයේ වැඩවලට විපක්ෂයෙන් අභියෝග ආපු එක. ඒත් උතුරු මැද පළාතේ සංවර්ධන කටයුතු කිරිමේදි මම අභියෝග තුනකට මුහුණ දෙනවා. ඒ තමයි මඩ ගැසිම්, නඩු දැමීම් හා පත්තරවලට වැරදි තොරතුරු ලබාදීම්.හැබැයි මම නඩුවලට බයත් නෑ මඩවලට බයත් නෑ පත්තරවලට බයත් නෑ.
උතුරු මැද පළාතේ පසුගිය දෙවසර තුළ අධ්‍යාපන කෙෂ්ත්‍රයේ විශාල සංවර්ධනයක් ඇති කළේ මේ අභියෝගවලට මුහුණ දෙමින්.පසුගිය කාලයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළෘට අධිවේගි මාර්ග ඉදිකළාට උතුරු මැද පළාතේ ගුරු හිඟයට විසඳුම් ලැබුණේ නෑ.පාසල්වල ඩෙස් පුටු හිඟයට ගොඩනැගිලි හිඟයට විසදුමක් ලැබුණේ නෑ . “යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.



2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු මැද මන්ත්‍රීවරයකුගෙන් මහ ඇමතිට එරෙහි නඩුවක්