IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


උතුරේ තරුණ තරුණියන්ගේ අසහනයට හේතුව ආණ්ඩුකාරවරයා කියයි

රොමේෂ් මධුෂංඛ
 
අතීතයේ සිට උතුරු පළාතේ තිබූ කර්මාන්ත වැඩි ප‍්‍රමාණයක් අද වන විට වැසී යාමත් උතුරේ තරුණ තරුණියන්ට රැකියා උත්පාදන වැඩපිළිවෙළක් නොමැති වීමත් නිසා ප්‍රධානතම ගැටලුව වී ඇත්තේ විරැකියාව බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය. 


උතුරු පළාතේ යාපනය දිස්ත‍්‍රික්කයේ සර්ව ආගමික සංවිධාන සහ ස්වේච්ඡා සංවිධාන හා සමාජ සේවා සංවිධාන යාපනය ආණ්ඩුකාර කාර්යාලයට කැඳවා ඔවුන්ගේ අදහස් විමසීමෙන් පසුව එහිදී ආණ්ඩුකාරවරයා මෙසේ පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උතුරු ආණ්ඩුකාරවරයා මෙසේ කීය.


‘මේ වෙන විට කන්කසන්තුරෙයි සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල, කිරි ආශ‍්‍රිත නිෂ්පාදන සඳහා වූ කම්හල්, වැඩි ප‍්‍රමාණයක් අද වැසි ගොස් උතුරු පළාතේ තරුණ තරුණියන් සඳහා රැකියා උත්පාදන වැඩපිළිවෙළක් නැහැ. ලංකාව වටේටම මුහුද තිබුණත් ඉන්දියාවෙන් ලූණු ගෙන්වන තත්ත්වයක් අද උදා වෙලා. මේ නිසා ලූණු ආශ‍්‍රිත නිෂ්පාදන කරන කම්හල් ලෙහෙසියෙන්ම ආරම්භ කරන්න පුළුවන්කම තිබුණත් කුමන හේතුවක් නිසා හෝ අද ඒවාත් කඩා වැටිලා. මේ නිසා උතුරේ තරුණ ප‍්‍රශ්නයට මූලිකම හේතුව විරැකියාවයි”


”අද වන විට උතුරු පළාතේ තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය වලට නැඹුරුවන තත්ත්වයේ වැඩි වීමක් පෙන්නුම් කරනවා. ඒ  වුණාට ඒ තත්ත්වය මැඩපවත්වා ගන්න දෙමාපියන්ගේ මැදිහත්වීමෙන් පුළුවන් කමක් තිබෙනවා. ඒ සඳහා දහම් අධ්‍යාපනය ලබා දිය යුතුයි. තාක්‍ෂණය හෝ විද්‍යාව ඉගෙන ගත්තාට හැදියාව සහිත දරුවෙක් හැදෙන්නේ නැහැ.


උතුරේ බහුල වශයෙන් කිරි ගවයින් සහ කිරි ගොවීන් සිටිනවා. ඒ වුණාට කිරි වලට සාධාරණ මිලක් නැහැ. ස්වයං රැකියා වැඩපිළිවෙළක් ආරම්භ කර එම නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා දී තරුණ තරුණියන්ට ඒ මගින් ද රැකියා ලබා දීමට හැකියි” රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය. 


මෙම රැස්වීම ඇමතු හින්දු කුරුක්කල්වරුන් කිහිප දෙනෙකු ද අදහස් දැක්වූ අතර ප‍්‍රදේශයේ ආගමික නායකයින් සහ බහුජන සංවිධානවල පිරිස් ද මෙහිදී අදහස් දැක්වූහ.



අදහස් (0)

උතුරේ තරුණ තරුණියන්ගේ අසහනයට හේතුව ආණ්ඩුකාරවරයා කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 90 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 142 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 943 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site