(උපාලි ආනන්ද)
උතුරුමැද සමූපකාර සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල නිලවරණය දින නියමයක් නොමැතිව නීතිවිරෝධීව කල් දමා ඇති බවට නගා ඇති චෝදනාවන්ට අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි උතුරුමැද පළාත් ආණ්ඩුකාර,පළාත් ආණ්ඩුකාර ලේකම්, පළාත් ප‍්‍රධාන ලේකම් සහ පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා ඇතුළු වගඋත්තරකරුවන්ට උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ගියාන් චන්ද්‍ර රණවක මහතා අද (17) නියෝග කළේය.
මහපොතාන පදිංචි උදය කුමාර හේමන්ත කුලරත්න සහ කහටගස්දිගිලිය සිව්දිසාගම ආර් රංජන් යන මහත්වරුන් නීතිඥ ධනුෂ්ක දහම්පත් මහතා මගින් උතුරුමැද පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලීමෙන් පසුව මෙසේ නියෝග කරනු ලැබීය.
පෙත්සම අධිකරණයට ඉදිරිපත් කරමින් නීතිඥ ධනුෂ්ක දහම්පත් මහතා ප‍්‍රකාශ කලේ උතුරුමැද පළාතේ සමූපකාර සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල නිලවරණ විවිධ ආකාරයෙන් පවත්වන බව පවසමින් එම තත්වය තුළ පළාතේ සියළු විවිධ සේවා සමූපකාර සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල නිලවරණ එකම දිනක එකම ආකාරයකට පැවැත්විය යුතු බව පෙත්සමේ 6 වැනි වගඋත්තරකාර පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස්වරයා විසින් පළාතේ විවිධ සේවා සමූපකාර සමිතිවල අධ්‍යක්ෂ මණ්ඩල නිලවරණ දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.
එහෙත් සත්‍ය එය නොවන බව අධිකරණයට අවධාරණය කළ නීතිඥවරයා මෙලෙස අධ්‍යක්ෂ මණ්ඩල නිලවරණ කල් දැමීමට ප‍්‍රධාන හේතුව දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා බවද කීවේය.
පළාතේ විවිධ සේවා සමූපකාර සමිතිවල විශාල වත්කම් ප‍්‍රමාණයක් පවතින බව අධිකරණයට සැළ කළ නීතිඥ දහම්පත් මහතා මේ වන විට එම සියළු සමූපකාර සමිතිවල එම විශාල වත්කම් ප‍්‍රමාණය පාලනය වන්නේ නිලධාරීන් මගින් පමණක් බවද කීවේය.
උතුරුමැද පළාත් සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව ප‍්‍රියන්ති ගලප්පත්ති සහ නිලංක රුක්ෂාන් ගාල්ලගේ සහ කහටගස්දිගිලිය ගම්මැද්ද සම්පත් ධනංජය වඩිමුණ යන මහත්ම මහත්මීන්ය. පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් නීතිඥ දනුෂ්ක දහම්පත් මහතා සමඟ නීතිඥ ගයාන් සිරිවර්ධන මහතා පෙනී සිටියේය.
2025 නොවැම්බර් මස 21
4
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
978
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
උතුරුමැද සමූපකාර නිලවරණය කල්දැමීම ගැන කරුණු කියන්න වගඋත්තරකරුවන්ට නියෝග