IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උතුරුමැද අධ්‍යාපන නිලධාරීන් පිරිසකට නොතීසි

(උපාලි ආනන්ද )
 
ඔක්තෝබර පළමු වැනි දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කරමින් උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ  විනිසුරු ගියාන් චන්ද්‍ර රනවක  මහතා උතුරු මැද ආණ්ඩුකාර ලේකම්වරයා ඇතුළු  වගඋත්තරකරුවන් පිරිසකට  අද නොතීසි නිකුත් කළේය.
 
විනිසුරුවරයා එළෙන නියෝග කළේ උතුරු මැද පළාතේ පාසල් සඳහා සෞන්දර්ය ගුරුවරුන් බඳවා ගැනීමේ  තරග විභාගයෙන් ඉහළ ලකුණු ලබා ගත් තමන් නොසලකා හැර අඩු සුදුසුකම් සහිත අට දෙනෙකු නීතියට පටහැනිව බඳවා ගත් බවට චෝදනා කරමින් සෞන්දැර්ය ඩිප්ලෝමාධාරීන් පස් දෙනෙකු ගොනු කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
 
කහටගස්දිගිලිය අන්දරගොල්ලෑව ඩබ් දුලිප් මධුසංඛ විජේසිංහ , නොච්චියාගම ඇගළුම් කම්හල පාර සුභානි මධුෂිකා අබේවර්ධන,  නොච්චියාගම හල්මිල්ලකුලම ගෝවින්ද නයනජිත් ජයසිංහ ,  රාජාංගනය ගැමුණුගම එච් ගීත් රණවීර සහ පොලොන්නරුව අත්තන්කඩවල ඉන්ද්‍රචාපා විජේසූරිය යන මහත්ම මහත්මීන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සරත් විජයරත්න මහතා මගින් පෙත්සම ඉදිරිපත් කර තිබිණි. 
 
උතුරු මැද පළාත් රාජ්‍ය සේවා  කොමිසන් සභාවේ ලේකම්  ඩබ් ඒ ආර් විමලසිරි , උතුරු මැද පළාත් ආණ්ඩුකාර ලේකම් ආනන්ද කුලරත්න සහ උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යංශයේ   සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ඇතුළු පිරිසක් වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටිති.



අදහස් (0)

උතුරුමැද අධ්‍යාපන නිලධාරීන් පිරිසකට නොතීසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site