ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
ගාල්ල මාතර මහා මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් උණවටුන එරමුදුගහ හන්දිය අසලදී අද (5) අළුයම පාර හරහා පනින ලද සුනඛයෙක් බේරීම සඳහා උත්සාහ ගැනීමේදී පාරෙන් ඉවතට පැන කාණුවක් තුළට වැටීමෙන් වූ අනතුරින් තුවාල ලැබු එම ත්‍රී රෝද රථයේ ගමන් ගත් 19 හැවිරිදි තරුණයෙක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව හබරාදුව පොලිසිය කියයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ මාගම්මැද්ද, පයාගල පදිංචිව සිටි ගොඩකන්ද කංකානම්ගේ උමේෂ් නැමැති තරුණයෙකි.
අනතුරින් තුවාල ලැබ රෝහල් ගත කළ දෙදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
පොලිසිය පවසන්නේ මෙම පිරිස බෙලිඅත්තේ තම ඥාති නිවසකට ගොස් නැවත පයාගල පිහිටි තම නිවෙස් වෙත ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුවි ඇති බවයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.